Aami 2018 sinhala subtitle|ආමි 2018 සිංහල උපසිරැසි සමඟ
  • 3 years ago
https://subscenelk.blogspot.com/2021/10/aami-2018-sinhala-subtitle-2018.html
Aami 2018 is an Indian Malayalam language movie. It can be divided into biographical and theatrical genres and the film is written and directed by Kamaluddin Mohammed Majeed. The film is produced by Raphael Thomas Pozholiparambil under Reel & Real Cinema Productions. Aami 2018 is filmed by Madhu Neelakandan and edited by A. Sreekar Prasad. Directed by Bijibal Maniyil, . However, with a running time of 2 hours and 47 minutes, the film received an IMDB rating of 6.4 / 10 and a Google rating of 70%.

The story of this film is based on the biography of a well-known author Kamala Das. She is also known as Madhavikutty and as Amy in the film, she points out some of Kamala Das's childhood events. The film also highlights the impact of her conversion to Islam in her later life and the impact on society as a woman.

https://subscenelk.blogspot.com/2021/10/aami-2018-sinhala-subtitle-2018.html
------------------------------------------------------------------------------------------------------------------------------

Aami 2018 ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්. මෙය චරිතාපදාන සහ නාට්‍යමය වර්ගයට වෙන් කරන්න පුළුවන් වගේම චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Kamaluddin Mohammed Majeed අධ්‍යක්‍ෂකවරයායි.Reel & Real Cinema නිෂ්පාදන සමාගම යටතේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ Raphael Thomas Pozholiparambil නිෂ්පාදකවරයායි.Aami 2018 චිත්‍රපටයේ සිනමාරූපනය සිදුකර තිබෙන්නේ Madhu Neelakandan වෙන අතර සංස්කරණය සිදුකර තිබෙන්නේ A. Sreekar Prasad විසිනුයි.සංගීත අධ්‍යක්ෂණය Bijibal Maniyil විසින් සිදුකර තිබෙන අතර 2018 වසරේ පෙබරවාරි මස 9 වෙනිදා ප්‍රදර්ශනයට නිකුත් වූ චිත්‍රපටය බෙදාහැර තිබුනේ Central Pictures ආයතනය හරහායි.චිත්‍රපටයට ප්‍රධාන සහ සහය රංගනයෙන් විශාල නළු නිලි පිරිසක් දායක වී තිබෙන අතර ප්‍රධාන චරිතය සඳහා Manju Warrierනිළිය තෝරාගෙන තිබෙන අතර අනෙකුත් චරිත සඳහා ,Murali Gopy,Tovino Thomas,Anoop Menon,Anand Bal තෝරාගෙන තිබෙනවා.කෙසේවෙතත් පැය 2 යි මිනිත්තු 47ක ධාවන කාලයක් සහිත මේ චිත්‍රපටය සඳහා ලැබී ඇති IMDB අගය වෙන්නේ 6.4/10ක් වෙන අතර ගූගල් පරිශීලක අගය 70%ක් ලෙස සටහන් වී තිබෙනවා වගේම මේ චිත්‍රපටය සඳහා Kerala state film සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනාගැනීමට සමත්ව තිබෙනවා.

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සුදුසු විය හැක

මේ චිත්‍රපටයේ කතාව පදනම් කරගෙන තිබෙන්නේ සුප්‍රසිද්ධ ගත්කතුවරියක් වෙන කමලා දාස්ගේ චරිතාපදානය පාදක කරගෙනයි.ඇය මාධවීකුට්ටි නමින්ද හඳුන්වන අතර චිත්‍රපටය තුල ආමි ලෙසින් පෙන්වා දී තිබෙන්නේ කමලා දාස්ගේ ලමාකාලයේ සිදුවීම් කීපයක් වෙන අතර කතාවෙන් ප්‍රධාන වශයෙන් ඉලක්ක කර තිබෙන්නේ ඇගේ ළමාවිය පවුල් ජීවිතය විවාහ ජීවිතය මෙන්ම ක්‍රිෂ්ණ දෙවියන්ට වන්දනාමාන කරන තැනැත්තියක් විදිහට පෙන්වීමටයි..ඒ වගේම පසුකාලින ජීවිතයේදී ඇය ඉස්ලාම් ආගමට හැරීමත් සමඟම ඇගේ ජීවිතයේ සිදුවෙන විවිධ හැලහැප්පීම් පිළිබඳව මේ චිත්‍රපටයෙන් පෙන්වා දී ඇති අතර කාන්තාවක් වශයෙන් සමාජය තුලින් ඇයට එල්ලවූ බලපෑම පිළිබඳව පෙන්වා දෙනවා.
https://subscenelk.blogspot.com/2021/10/aami-2018-sinhala-subtitle-2018.html
Recommended